පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ 

මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය

ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් මංගල ශිලා ප‍්‍රතිෂ්ඨාපනය සිදුවීමත් සමඟ මහමෙව්නාව භාවනා අසපුව නම් වූ පුණ්‍ය භූමිය දෙව් මිනිස් ලෝකයට බිහිවුණා. ඉන්පසු ගත වූ මෙම දහසය වසරක් වූ කෙටි කාලය තුළදී ‘මහමෙව්නාව’ ලක්දිව ද දේශ දේශාන්තරයේ ද කීර්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්වුණා.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වන පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ තිස් වසරක් වූ පැවිදි ජීවිතයේ දී ලද අත්දැකීම් මුල් කරගෙන, දියත් කළ ධර්ම දූත සේවාව සුළු කලකින් ම දිවයින පුරා පැතිර ගියා. සරල සිංහල බසින් බුද්ධ දේශනා විස්තර කර දීම නිසා, සෑම වයස් කාණ්ඩයකම පසුවන සැදැහැවතුන් උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වලට පැමිණෙන්නට පටන් ගත්තා. මනස දියුණු කරගැනීම පිණිස හිත නැවෙන ආකාරයට භාවනාව ඉදිරිපත් කිරීමේ දී උන්වහන්සේ දැක් වූ දක්ෂතාවය, භාවනා පංති සොය සොයා ගිය පිරිසකට විශාල අස්වැසිල්ලක් වුණා. බුදුරජුන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති වන සේ ඉතා නිර්මාණශීලී ලෙස ධර්මය ඉදිරිපත් කිරීම නිසා මිහිරි ධර්මයේ රසය මිනිස් හදවත් තුළට දැනෙන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම, ත‍්‍රිපිටක ධර්මය ඇසුරු කරගනිමින් නිර්මල බුද්ධ වචනය ඒ අයුරින්ම ලබාදීමට කටයුතු කිරීම මහමෙව්නාවේ සුවිශේෂීම ලක්ෂණයයි. ඒ අනුව රට පුරා භාවනා කරන, ධර්මය ශ‍්‍රවණය කරන තරුණ පිරිසක් බිහිවුණා. ධර්මයට ලැදි, සිල් රකින දරු පිරිසක් බිහිවුණා. මේ දෙපිරිසම සමඟින්, ගෞතම බුදු සමිඳුන් විසින් මේ ලෝකයට හඬ ගා කියන ලද, එම ඒකායන ඉලක්කය නම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය වෙනුවෙන් ධර්මයේ හැසිරෙන වැඩිහිටි පිරිසක් ද බිහිවුණා.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේ වන විට, 600 කට අධික තරුණ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පිරිසක් ද, හැත්තෑ පහකට අධික තරුණ සිල් මෑණිවරු පිරිසක් ද, ලක්ෂ සංඛ්‍යාත ගිහි ශ‍්‍රාවක පිරිසක් ද, දේශීය සහ විදේශීය ශාඛා මධ්‍යස්ථාන 50 කට අධික ප‍්‍රමාණයක්ද දහසය වසරක් වැනි මෙම කෙටි කාලය තුළ දී බිහිවුණා.

 

දේශීය අසපු ශාඛා ව්‍යාප්තිය

 

පොල්ගහවෙල, මාතර-අපරැක්ක, කඩුවෙල, මාලබේ, කුණ්ඩසාලය, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, බණ්ඩාරවෙල, මොණරාගල, කතරගම, ඉබ්බාගමුව, මඩවල උල්පත, රත්තොට, සිරිපාගම, එරත්න, බලංගොඩ, සූරියවැව, වළස්මුල්ල, පොල්පිතිගම, ගල්නෑව, ආණමඩුව, හොරණ, පොතුහැර, සේරුපිට, හුණුමුල්ල, සඳලංකාව, නිට්ටඹුව, මහව, ගාල්ල, බුත්තල, වැලිමඩ, බුලත්සිංහල, කන්තලේ, කොච්චිකඩේ, කැබිතිගොල්ලෑව, පින්නවල, බෝවත්ත, බිබිල, සහ අම්පාර  යන ප්‍රදේශ වල ද දේශීය අසපු ශාඛා ස්ථාපිත වී තිබෙනවා.

මහමෙව්නාව අසපු මූලස්ථානය පොල්ගහවෙල පිහිටා ඇති අතර, එය ශ‍්‍රී සම්බුද්ධ රාජ මාළිගාව නම් වු අසදෘශ විහාර මන්දිරයකින්ද, සිරි ගෞතම බෝධි මණ්ඩපයකින් හා සුන්දර සිරි ගෞතම දම්සක් මහා සෑයෙන් සුන්දර වී තියෙනවා.

මීට අමතරව දඹදෙනිය, වරකාපොළ, මාවතගම, අනුරාධපුරය, උඩුපිල, කඩුගන්නාව, කුලියාපිටිය යන ස්ථානයන්හි මහමෙව්නාව අනගාරිකා අසපු බිහිවී තියෙනවා.

 
 
 

ඒ අනුව රට පුරා බොහෝ පළාත් ආවරණය පරිදි විහිදී ඇති මහමෙව්නාව භාවනා අසපු නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සැලසී තිබෙන්නේ ඉමහත් වාසනාවක්. මේ වන විට මෙම බොහෝ අසපු ශාඛාවන් තුළ බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා, සුන්දර චෛත්‍ය රාජයාණන් වහන්සේලා, බෝධීන් වහන්සේලා වැඩසිටිනවා.

ගිහි උපාසක පින්වතුන් සඳහා නේවාසිකව බණ භාවනා ප‍්‍රගුණ කරගැනීමට පහසුවක් සලසමින් ගිහි සති භාවනා මධ්‍යස්ථානද පිහිටා තියෙනවා. උපාසක පින්වතුන් සඳහා තඹකන්ද, භාවනා කන්ද සති භාවනා මධ්‍යස්ථානයද, උපාසිකාවන් සඳහා මුතුගල අනගාරිකා අසපුව ඒ සඳහා වෙන්වී තිබෙනවා.

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ යටතේ පැවිදි වූ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ද දිවයින පුරා විසිරී පවතින මහමෙව්නාව භාවනා අසපු මධ්‍යස්ථාන වල භාවනා වැඩසටහන් සිදුකරනු ලබනවා. එමෙන්ම රට පුරා බොහෝ විහාරස්ථාන වලද වැඩසටහන් සිදුවෙනවා. මේ සියලු වැඩසටහන් වලට ඉතා විශාල සැදැහැවතුන් පිරිසක් ධර්මශ‍්‍රවණය පිණිස ඒකරාශී වෙනවා. පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත් වන, භාවනා වැඩසටහන් වලට ඇතැම් දිනවල, 15000 කට අධික පිරිසක් ද සහභාගී වන අවස්ථා තිබෙනවා.

මහමෙව්නා වාසී පින්වත් ස්වාමින් වහන්සේ ලා 

විදේශීය දහම් ප‍්‍රචාරය

එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය,අයර්ලන්තය, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, ඩුබායි, ඉතාලිය, කොරියාව, ජර්මනිය, ප්‍රංශය,නෙදර්ලන්තය,සයිප්‍රස් යන විදේශ රටවල් තුළ ද මහමෙව්නාව භාවනා අසපු ශාඛා 25 ක් පමණ පිහිටා තිබෙනවා. එමෙන්ම තව බොහෝ රටවලද ධර්ම ප‍්‍රචාරක කටයුතු සිදුවෙනවා.

බොහෝ බෞද්ධ රටවල්වල සහභාගීත්වයෙන් ඉන්දියාවේ බුද්ධගයා පුණ්‍ය භූමියේදී පැවැත් වූ ත‍්‍රිපිටක සජ්ඣායනාවට 2006, 2007, 2008 යන වසරවල ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ මහමෙව්නාව භාවනා අසපුවයි.

යුරෝපයෙහි පිහිටි අසපු ශාඛාවන්

ඉතාලි මහමෙව්නා භාවනා අසපුව

Mahamevnawa Buddhist Monastery
Viale Longarone, 2
CAP 20080,
Zibido San Giacomo.
Milan – Italy

E mail       :- mahamevnawaitaly@gmail.com

Tel             :- +39 02 90 00 54 90

Web site   :- http://www.mahamevnawaeurope.com

නෙදර්ලන්ත මහමෙව්නා භාවනා අසපුව

Mahamevnawa Buddhist Monastery,
Middenweg 65, 1394 AD,
Nederhorst Den Berg, Netherland.

E mail       :- mahamevnawa.nl1@gmail.com

Tel             :- (+31) 294 254 393 / (+31) 68 464 98 38

Web site   :- http://www.mahamevnawa.nl

ප්‍රංශ මහමෙව්නා භාවනා අසපුව

Mahamevnawa Theravada Buddhist Meditation Centre,
56 Rue Henri dunant,
91360 Epinay Sur Orge,
Frence

E mail       :- info@mahamevnawa.fr

Tel             :- (+33) 970 994 665 / (+33) 783 287 154

Web site   :- http://www.mahamevnawa.fr

අසපුවේ Facebook පිටුවට පිවිසෙන්න

Subscribe to Mahamevnawa Germany

Find us on Facebook