Ven.Kiribathgoda Gnanananda Thero

පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ 

මෙත් සිතින් සෙත් පතමි..!

සත්‍යය යනු බුදු දහමයි….

පින්වතුනි, පින්වත් දරුවෙනි,
පගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා. එකල ජීවත් වූ මිනිසා සත්‍යාවබෝධ කිරීමේ ආශාවෙන් යුතුව විවිධ දේවල් අනුගමනය කරමින් සිටියත් සැබැවින් ම ඔවුන් වාසනාවන්තයි. මක් නිසාද යත් සත්‍යය අවබෝධ කළ බුදුරජාණෝ ඔවුන් සොය සොයා ගොස් මේ විස්මිත සත්‍යය හෙළිදරව් කළා. එය ඇසූ ඔවුන් ඒ යුගයේ මුනිවරයන් බවට පත්වූයේ මුළු දඹදිව් තලයට ම ස්වර්ණමය යුගයක් උදා කරමින්.ජීවිතය පීඩාවට, අසහනයට, වේදනාවට, කලබලයට, දුකට පත් කරවන යම් දෙයක් ඇද්ද, ඒ සියලු දෙයින් නිදහස් වෙන්නට ඔවුන් සමත් වුණා. බිය සැක රහිත වූ සිතින් ජීවත් වූ ඔවුන් ජීවිතයේ සියලු අභියෝගයන්ට සතුටින් මුහුණ දුන්නා. ඉපදෙන මැරෙන ලොවින් නිදහස් වුණා. ඔවුන් සතු වූ ප්‍රඥාව මෙකල මිනිසාගේ ප්‍රඥාවට වඩා වෙනස් වූයේ එය අලෞකික දෙයක් නිසාවෙනි. ඒ විස්මිත ප්‍රඥාව මිනිසා තුළ උපදවාලීම පිණිස බුදුරජුන් වදාළ දේශනා…

නවතම ධර්ම දේශනා

ආනන්ද සුත්‍රය

සිතට සුව දෙන භාවනා

Thought for The day

Medicine for The mind

Buddhism has long recognized the meditation methods, the practice of meditation is a well – worn path for calming the mind and bringing it into a state of peace, and happiness, if we work hard enough, we might even become better and wiser people.It offers a tremendous opportunity to create a wonderful, peaceful and  conflict less society. It’s that time of year again, to be united to show love, compassion and kindness toward other beings around the world. Buddhist meditation practice is becoming very popular as a natural healing protection. This practice has been going on for such a long time that any problem you may be having now has already been faced and overcome by many others in the past. What’s important is how we remember the strategies for overcoming those obstacles and our motivation and diligence in putting them into place – that is, how we employ the Buddhist meditation that cure the diseases of mind.
May these teachings bring understanding, benefit, and blessings to all.

දහම් වැඩසටහන්

දෙසැම්බර් 31 වර්ෂාවසාන පිංකම

අප අසපු භුමිය තුල පවත්වන මාසික වැඩසටහන්

  • සෑම මසකම පළවෙනි ඉරුදින මාසික සීල භාවනා වැඩසටහන සහ සත්බුදු වන්දනාව
  • සෑම මසකම දෙවෙනි ඉරුදින ශ්‍රම පුජාව (අසපුවේ පොදු වත් දවස)
  • සෑම මසකම තුන්වෙනි ඉරුදින සවස 1.00 සිට සතිපට්ඨාන භාවනා වැඩසටහන සහ බෝධි වන්දනාව
  • සෑම මසකම හතරවෙනි ඉරුදින සුත්‍ර අධ්‍යයනය සහ භාවනාව
  • සෑම සෙනසුරාදා දිනකම සවස 2 .00 ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන භාවනා වැඩසටහන

සතර පාෙහොය දින දර්ශනය

සිතට සුව දෙන භාවනා

සතිපට්ඨාන භාවනා

අනුස්සති භාවනා

බ්‍රහ්ම විහාර භාවනා

Anapanasathi Bhawanawa

ආනාපානසති භාවනාව

සුසම් පොදින් නිවන කරා…

බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ සතිපට්ඨාන ධර්ම දේශනාව පවත්වා වදාළ වෙලාවේ පැහැදිලිවම පෙන්වා දුන්නා මේ මනුස්සයාගේ මේ සත්වයාගේ සිත පිරිසිදු කිරීම පිණිසත්….

Buddhanussathi Bhawanawa

බුද්ධානුස්සති භාවනාව

අසිරිමත් ය ඒ සම්බුදු සමිඳුන්…

මේ මිනිස් ජීවිතය අර්ථවත් කර දීම පිණිස මේ ලෝකයට පහළ වෙච්ච මුනිඳාණන් තමයි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගැන මේ මොහොතේ ඔබ සුළු මොහොතක් කල්පනා කරනව නම්…

Maithree Bhawanawa - Meththa Meditation

මෛත්‍රි භාවනා

මෙත් සිත වඩන හැටි….

මෛත‍්‍රිය කියල කියන්නේ තමාටත්, අන් අයටත් හදවතින්ම පවත්වන මිත‍්‍රත්වයයි. තමා තමාට මිත‍්‍ර නම් තමා විසින් තමන්ගේ ජීවිතයට හානියක්. කරදරයක් කර ගන්නෙ නැහැ. තමා අනුන්ට….

විශේෂ දහම් ලිපි

සිංහල ජාතිය සහ බුදු සසුණ

පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Anapanasathi Bhawanawa

බොහෝ සිංහල අය තමන් සිංහල වූවාට තමන්ගේ පරම්පරාව ගැන දන්නේ නැහැ. බෞද්ධ වුණාට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය දන්නේ නැහැ. යම් කෙනෙක්‌ තමන්ගේ පරපුරේ අභිමානය දන්නේ නැත්නම් ඒ අයට සහ ඒ ජාතියට පවතින්න පුළුවන් හැකියාව අඩුවෙනවා. ඊළඟට එවැනි පිරිස්‌ යම් ප්‍රශ්නයක්‌ ඇතිවුණාම, ඒ සඳහා දොස්‌ කියන්නේ තමන්ගේ ජාතියට. නැත්නම් තමන්ගේ ආගමට බණිනවා. සමහරු තමන්ගේ ආගම අත්හරිනවා….

පසුගිය දවසක අපේ මහමෙව්නාව මගින් සිදුකරන ශිෂ්‍යත්ව ප්‍රදානයක්‌ සඳහා දෙමළ ජාතික දරුවන් පනහක පිරිසක්‌ අපේ පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට එක්‌කගෙන ආවා. මෙතැන සිංහලයෝ විතරයි ඉන්නේ කියලා, ඒ ළමයි බැලුවා. ඒ දරුවන් විශාල අපහසුතාවකට පත්වුණා කියලා, පේන්න තිබුණා. අපිත් සමඟ මේ කර්තව්‍යයට දායක වුණ දුවක්‌ ඉන්නවා. ඇය දෙමළ දියණියක්‌. ඇය විසින් තමයි, මේ ළමයින් කැඳවාගෙන ආවේ. මොකක්‌ද මේ කළේ…? අපිව ගෙනල්ලා සිංහල අය අතරට දැම්මේ ඇයි…? කියලා ඒ දරුවෝ නොසන්සුන් වෙලා ඇයගෙන් අහලා තියෙනවා……

 

නවතම සදහම් ප්‍රකාශන

අභිනවයෙන් මිලදී ගැනීමට නියමිත අසපුව

මෙම උතුම් පිංකම සදහා ඔබටද සහභාගී වී අපමණ පිං සිදුකර ගතහැක.

දැනට ලැබී ඇති ආධාර 22%

මහමෙව්නාව මාධ්‍ය ජාලය

අසපුවේ Facebook පිටුවට පිවිසෙන්න

Subscribe to Mahamevnawa Germany

Find us on Facebook